පුත්තලම දුම්රිය මාර්ග සංවර්ධනය
Tශ්‍රී ලංකා දුම්රිය සේවයේ පුත්තලම දුම්රිය මාර්ගය රාගම සිට පුත්තලම දක්වා කි.මී. 119.2 ක් දිගින් යුතු වන අතර මරදාන සිට කි.මී 13.6 ක් දුරින් පිහිටි රාගම දුම්රිය ස්ථානයෙන් මෙම මාර්ගය ප්‍රධාන දුම්රිය මාර්ගයෙන් වෙන් වෙයි.
පුත්තලම මාර්ගයට අයත්, කොළඹ තදාසන්න ප්‍රදේශයේ අවසාන දුම්රිය ස්ථානය මීගමුව වෙයි. එය මරදාන සිට කි.මී. 36.9 ක් දුරින් සහ රාගම සිට කි.මී. 23.3 ක් දුරින් පිහිටා ඇත. වර්තමාන ද්විත්ව දුම්රිය මාර්ග කොටස කුරනා දුම්රිය ස්ථානයෙන් අවසන් වෙයි. එසේ නමුත් මෙම මාර්ගයේ, ද්විත්ව දුම්රිය මාර්ග කොටස මීගමුව දක්වා සැකසීමට ශ්‍රී ලංකා දුම්රිය සේවය සියලු පියවර ගෙන ඇත.
පුත්තලම දුම්රිය මාර්ගයේ දුම්රියන් මරදාන සහ රාගම අතර කොටසේ දී ප්‍රධාන දුම්රිය මාර්ගය දිගේ ගමන් කරයි. මරදාන සිට රාගම දක්වා කි.මී. 13.6 ක කොටස ධාවන පථ ත්‍රිත්වයකින් යුතු වන අතර මෙම කොටසේ සාමාන්‍ය දෛනික Ridership (පුත්තලම මාර්ගය වෙතින් ඇති ඉල්ලුම ද ඇතුළුව) ආසන්න වශයෙන් 145,000 කි.
දුම්රිය මාර්ගය කොළඹ-පුත්තලම මහා මාර්ගයට සහ පෑලියගොඩ - කටුනායක ගුවන් තොටුපල අධිවේගී මාර්ගයට සමාන්තරව හා එකම ප්‍රදේශය (Corridor) හරහා දිව යයි. මෙම මාර්ගය, නාගරික මධ්‍යස්ථාන වන රාගම, ජා-ඇල, සීදූව සහ මීගමුව හරහා ගමන් කරයි. වර්තමානයේ දී උදෑසන මගීන් වැඩි කාලයේ දී පුත්තලම මාර්ගය හරහා කොළඹට ළඟා වන දුම්රිය සංඛ්‍යාවට සාමාන්‍ය මගී දුම්රිය 04 ක් ඇතුළත් වන අතර සවස් වරුවේ දුම්රිය 05 ක් පුත්තලම දෙසට ගමන් කරයි.
Puttalam Line
පුත්තලම දුම්රිය මාර්ගය සඳහා මගී ඉල්ලුම - අධ්‍යයන ප්‍රතිඵල
වර්ෂය | රැගෙන යා යුතු මගීන් සංඛ්‍යාව | ධාවනය වන දුම්රිය ගණන | |||
---|---|---|---|---|---|
දෛනික මගී සංඛ්‍යාව | මගීන් වැඩි කාලසීමාවේ, මගීන් වැඩි දිශාවට ගමන් ගන්නා මගී සංඛ්‍යාව | දෛනික දුම්රිය සංඛ්‍යාව | මගීන් වැඩි කාලසීමාවේ, මගීන් වැඩි දිශාවට ගමන් ගන්නා දුම්රිය සංඛ්‍යාව | Headway (දුම්රිය අතර කාල පරතරය) | |
2018 | 31,000 | 4,500 | දිශාවකට 17 | 3 | මිනිත්තු 20 |
2025 – සංවර්ධනයට පසුව | 180,000 | 18,000 | දිශාවකට 87 | 7 | මිනිත්තු 8.5 |
2035 – සංවර්ධනයට පසුව | 220,000 | 22,000 | දිශාවකට 123 | 9 | මිනිත්තු 6.5 |
පුත්තලම මාර්ගයේ දුම්රිය පෙළගැස්ම
පුත්තලම දුම්රිය මාර්ග සංවර්ධනයේ දී මුහුණ දෙන ගැටළු
පුත්තලම දුම්රිය මාර්ගයෙහි නිරීක්ෂණය කරන ලද ගැටළු කැලණි වැලි මාර්ගයට සමාන වන අතර අනෙකුත් දුම්රිය මාර්ග වලට ද පොදු වන පහත සඳහන් කර ඇති ගැටළු කෙරෙහි මෙහිදී අවධානය යොමු කරන ලදී.
- දුම්රිය දෙපාර්තමේන්තුවට අයත් ඉඩම පටු ය: ප්‍රධාන මාර්ගයට සාපේක්ෂව පුත්තලම දුම්රිය මාර්ගයේ දුම්රිය මාර්ගය දෙපස ශ්‍රී ලංකා දුම්රිය සේවයට අයත් ඉඩම සීමිත වන අතර බොහෝ කොටස්වල ධාවන පථ දෙකක් (ද්විත්ව මාර්ග) පමණක් ඉදිකිරීමට ඉඩ ලබා දේ.
- පවත්නා දුම්රිය මාර්ගයේ ඇති වංගු : රාගම සිට මීගමුව දක්වා කි.මී. 23.6 ක කොටසෙහි වංගු 29 ක් ඇති අතර පේරලන්ද (පුත්තලම මාර්ගයේ ආරම්භක ස්ථානය) වංගුව සැලකිය යුතු ලෙස තියුණු ය.
- දුම්රිය හරස් මාර්ග :
කොටස දුර (km) ආරක්ෂිත හරස් මාර්ග ආනාරක්ස්ත හරස් මාර්ග මුළු ගණන කිලෝමීටරයකට ඇති හරස් මාර්ග ගණන රාගම - සීදූව 12.66 24 7 31 2.45 සීදූව - මීගමුව 11.15 20 13 33 2.96 පැයට කිලෝමීටර් 100 ක වේගයෙන් දුම්රිය ධාවනය සඳහා සහ අවශ්‍ය කරන දුම්රිය මෙහෙයුම් වාර ගණන සැලකිල්ලට පවතින දුම්රිය හරස් මාර්ග ඉවත් කිරීම යෝග්‍ය වෙයි. දුම්රිය, මාර්ගය යටින් දිවෙන මාර්ග (underpass) හෝ මාර්ගය ඉහලින් දිවෙන ගුවන් පාලම් (flyovers) මෙහිදී සලකා බැලිය හැක. අනාරක්ෂිත ව පවතින පුද්ගලික සහ කලාතුරකින් භාවිතා වන දුම්රිය හරස් මාර්ග වසා දමා ගමනාගමනය ඒ ආසන්නව ම ඉහළින් දිවෙන මාර්ග (Flyovers), මාර්ග යටින් දිවෙන මාර්ගයන් (Underpass) හෝ ආරක්‍ෂිත දුම්රිය හරස් මාර්ග වෙත යොමු කළ හැකයි.
පුත්තලම දුම්රිය මාර්ගයේ දුම්රිය සංවර්ධන සැලසුම
CSR ව්‍යාපෘතිය යටතේ මෑත වසරවල දී සිදු කරන ලද අධ්‍යයන ද්විත්ව යක් මත පදනම්ව පුත්තලම දුම්රිය මාර්ගය සැලසුම් කිරීම සිදු කරන ලදී.
- M/s. Egis International of France විසින් පවත්වන ලද පූර්ව ශක්‍යතා අධ්‍යයනය
- M/s. Dohwa Engineering JV of Korea විසින් පවත්වන ලද පුත්තලම දුම්රිය මාර්ගයේ ශක්‍යතා අධ්‍යයනය
පුත්තලම මාර්ගය හා සම්බන්ධ අනෙකුත් සැලසුම් වාර්තා තවමත් නිකුත් කර නොමැත.
පුත්තලම දුම්රිය මාර්ගය සඳහා විසඳුම තෝරා ගැනීමේදී සලකා බලන සාධක
- මෙම ව්‍යාපෘතිය, රාගම සිට කුරනා දක්වා සහ කුරනා සිට මීගමුව දක්වා අදියර දෙකකින් ක්‍රියාත්මක කෙරෙයි.
- රාගම සිට කුරනා දක්වා කොටසෙහි ධාවන පථ ද්විත්වයක් ඇති අතර මීගමුව දක්වා (කුරන තෙක් සම්පුර්ණ කර ඇත) ද්විත්ව ධාවන පථ ඉදිකිරීමට ශ්‍රී ලංකා දුම්රිය සේවය කටයුතු ආරම්භ කර ඇත.
- සියළුම දුම්රිය ස්ථාන බහුවිධ ප්‍රවාහන ලක්ෂණයන්ගෙන් එනම් බස්රථ ක්‍රියාකාරිත්වය හා ඒකාබද්ධ වීම මෙන්ම Park and Ride වැනි අංග වලින් සමන්විත වීම. මෙය, බස් රථ සහ මෝටර් රථ භාවිත කරන මගීන්ව දුම්රිය භාවිත කිරීමට දිරිමත් කරයි.
- ගමන් කාලය අවම කළ යුතුය - මෙය මගීන් ආකර්ෂණය කර ගැනීම සඳහා ඉවහල් වේ.
- දුම්රිය තුළ සහ දුම්රිය ස්ථාන වල ශාරීරික දුබලතාවයන්ගෙන් යුත් මගීන් සඳහා පහසුකම් ලබා දීම.
- දුම්රිය හරස් මාර්ගවල රථවාහන තදබදය වැලැක්වීම.
- ඉඩම් අත්පත් කර ගැනීම අවම කිරීම - මෙය මහජනයාගේ ජීවිතවලට වන හානිය අවම කිරීම සහ වන්දි ගෙවීම සඳහා යොදා ගන්නා රජයේ අරමුදල අවම කිරීම සඳහා යෙදේ.
- නැවත පදිංචිකිරීම, ජාතික ප්‍රතිපත්තිය (National Involuntary Resettlement Policy (NIRP)) සහ ADB Safeguard Policy අනුව සිදු කිරීම.
- ශබ්ද සහ කම්පන වැනි පාරිසරික ගැටළු අවම කිරීම අවශ්‍ය වේ
- ඉදිකිරිම සඳහා වැය වන මුදල අවම කළ යුතු වෙයි - මෙය අවම වියදමක් සහිත විසඳුම තෝරාගැනීම සඳහා වෙයි.
දුම්රිය තිරස් මාර්ග පථය සඳහා විසඳුම
කොටස | පවතින ධාවන පථ සංඛ්‍යාව | ඉදිරියේදී පැවතීමට නියමිත ධාවන පථ සංඛ්‍යාව |
රාගම - සීදූව | 2 | 2 |
සීදූව - මීගමුව | 001 (SLR විසින් මීගමුව තෙක් ද්විත්ව ධාවන පථ ඉදිකිරීම ආරම්භ කර ඇත | 2 |
රාගම සිට මීගමුව දක්වා පුත්තලම් මාර්ගයේ දිග කිලෝමීටර් 23 ක් වන අතර එහි වංගු සංඛ්‍යාව 29 කි. ධාවන පථයෙහි අවම වක්‍ර අරය පෙරලන්දේ දී මීටර් 200 කි. අඩු අරයන් සහිත වංගු වලදී වේගය ඒ අනුව අඩු වේ. ඇතැම් ස්ථානයන් හි සර්පිලාකාර වක්‍ර අතර සෘජු දුර ප්‍රමාණවත් නොවීම හේතුවෙන්; වක්‍ර අරය වැඩි දියුණු කළත් වේගය වැඩි කළ නොහැක. දුම්රිය ප්‍රදේශය ආසන්නයේ පිහිටා ඇති නේවාසික නිවාසවල පවත්නා ක්ෂේත්‍ර තත්වයන් සහ බලපෑම් සැලකිල්ලට ගනිමින්, වක්‍ර අරය තවදුරටත් වැඩිදියුණු කිරීම අධ්‍යයනය කෙරේ. විශ්ලේෂණයන් මඟින් ඉදිරිපත් කරැණු ලබන්නේ, රාගම සහ පේරලන්ද යන කොටස හැරුණු විට පැයට කිලෝමීටර 80 ක වේගයක් ලබා ගත හැකි බවයි.
සිරස් පෙළගැස්ම සඳහා විසඳුම
දැනට පවතින දුම්රිය සිරස් පෙලගැස්ම සහ ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව විසින් අලුතින් ඉදිකරන ලද ද්විත්ව මාර්ගය සැලකිල්ලට ගනිමින් රාගම සිට මීගමුව දක්වා දුම්රිය මාර්ගය නැවත පිහිටුවීමට / රාගම සිට මීගමුව තෙක් ‘At grade’ දුම්රිය මාර්ගය ඉදිකිරීමට තීරණය කරන ලදී. කෙසේ වෙතත්, සැලසුම් අවධියේදී, දුම්රිය ක්‍රියාකාරිත්වය (මෙහෙයුම් සංඛ්‍යාතය) මත පදනම්ව, හරස් මාර්ග ශ්‍රේණි වෙන් කිරීම සලකා බලනු ලැබේ.
හරස් මාර්ග
පුත්තලම මාර්ගයේ රාගම සිට සීදූව දක්වා කොටස හරස් මාර්ග 31 කින් සමන්විත වන අතර හරාස් මාර්ග අතර සාමාන්‍ය දුර කිලෝමීටර 0.5 කි. සීදූව සිට මීගමුව දක්වා හරස් මාර්ග 33 ක් ඇති අතර සාමාන්‍ය දුර කිලෝමීටර 0.3 කි. සමීප පරතරයකින් යුත් හරස් මාර්ග නිසා, දුම්රිය මෙහෙයුම් සැලැස්ම සහ මාර්ග මංසන්ධියේ මාර්ග තදබදය මත පදනම්ව ශ්‍රේණි වෙන් කිරීමේ අවශ්‍යතාවය තීරණය කළ යුතුය.
කොටස | දුර (km) | ආරක්ෂිත | ආනාරක්ෂිත | මුළු ගණන | කිලෝමීටරයකට ඇති හරස් මාර්ග ගණන |
---|---|---|---|---|---|
රාගම - සීදූව | 12.66 | 24 | 7 | 31 | 2.45 |
සීදූව - මීගමුව | 11.15 | 20 | 13 | 33 | 2.96 |
දුම්රිය ක්‍රියාකාරිත්වය
කාර්යක්ෂම හා ආරක්ෂිත දුම්රිය මෙහෙයුමක් සඳහා දුම්රිය මෙහෙයුම් සැලැස්ම සකස් කර ඇත. තවද, මෙහෙයුම් සැලැස්මේ සඳහන් කර ඇති සංකල්පීය විකල්පයන් මෙහෙයුම් සැලැස්මේ දී සලකා බලන ලදී.
- 2025 සහ 2035 වන විට ඉල්ලුම ආකෘතිකරණය සහ දුම්රිය සඳහා මගී ඉල්ලුම සඳහා වන ප්‍රතිඵල (ප්‍රධාන මාර්ගය, පුත්තලම මාර්ගය, උතුරුදිග මාර්ගය සහ වෙරළබඩ මාර්ගය)
- මරදාන සහ කොළඹ කොටුව දුම්රිය ස්ථානවල සියලුම දුම්රිය මෙහෙයුම් නතර කිරීම නිසා ඇතිවන තදබදය සහ දුම්රිය ප්‍රමාදයන් වළක්වා ගැනීම සඳහා
- විද්‍යුත් බහුවිධ ඒකක වල සංයුතිය හා ධාරිතාව (EMUs)
- එකම ධාවන පථයක් ඔස්සේ එකවර EMUs සහ DMUs ක්‍රියාත්මක කිරීම.
- සේවාවන්හි අනාගත ව්‍යාප්තිය
වත්මන් මෙහෙයුමේ වල ගමන් කාලය වරහන් තුළ දක්වා ඇත.
කොටස | නව/වත්මන් ක්‍රියාකාරිත්වය සැසඳීම | සෑම නැවතුමකම නවත්වන EMU දුම්රිය | සීග්‍රගාමී EMU දුම්රිය | ||
---|---|---|---|---|---|
ධාවන කාලය (මිනිත්තු) | කාලසටහනෙහි වේගය (km/h) | ධාවන කාලය (මිනිත්තු) | කාලසටහනෙහි වේගය (km/h) | ||
කොළඹ කොටුව – රඹුක්කන | නව ක්‍රියාකාරීත්වය | 98 | 51.6 | 68 | 74.4 |
වත්මන් ක්‍රියාකාරීත්වය | 141 | 36 | 94 | 53.8 | |
කොළඹ කොටුව – වේයන්ගොඩ | නව ක්‍රියාකාරීත්වය | 47 | 47.6 | 32 | 69.9 |
වත්මන් ක්‍රියාකාරීත්වය | 79 | 32 | 58 | 43.4 | |
රාගම – මීගමුව | නව ක්‍රියාකාරීත්වය | 31 | 46.1 | - | - |
වත්මන් ක්‍රියාකාරීත්වය | 48 | 29.3 | - | - |
මගීන් වැඩි වේලාවන්හි දී මගීන් වැඩි දිශාවට මගීන්ගේ ඉල්ලුම සපුරාලීම සහ කොළඹ කොටුව සහ මරදාන ප්‍රදේශවල තදබදය විසඳීම සඳහා දුම්රිය මෙහෙයුම
කොළඹ කොටුව සහ මරදාන හි තදබදය සහිත දුම්රිය ගමනාගමනය වළක්වා ගැනීම සඳහා පුත්තලම සහ වෙරළබඩ අතර EMU සේවාවන් සෘජුවම ක්‍රියාත්මක කිරීම සලකා බලනු ලැබේ. මෙය දුම්රිය මාර්ග අතර loop මෙහෙයුම ලෙස හැඳින්වේ. සීමිත යන්ත්‍ර හා මැදිරි සංඛ්‍යාවක් සහිත දුම්රිය මඟින් ප්‍රධාන මාර්ගයේ සහ වෙරළබඩ මාර්ගයේ මගීන්ගේ ඉල්ලුම සපුරාලීමට මෙය අපට උපකාරී වේ. මගීන් වැඩි දිශාවන් සඳහා මගීන් වැඩි කාලසීමාවන්හි දුම්රිය සේවා ගණන පහත පරිදි සැලසුම් කර ඇත.
වර්ග | ආරම්භය - ගමනාන්තය තෙක් කොටස | 2025 | 2035 | ||
---|---|---|---|---|---|
මගී ඉල්ලුම වැඩි කාල පරාසය | මගී ඉල්ලුම අඩු කාල පරාසය | මගී ඉල්ලුම වැඩි කාල පරාසය | මගී ඉල්ලුම අඩු කාල පරාසය | ||
EMU සේවාවන් | ගල්කිස්ස – රඹුක්කන | 5 | 3 | 5 | 3 |
පානදුර – ගම්පහ | 5 | 3 | 6 | 3 | |
ගල්කිස්ස – සීදුව | 2 | 2 | 4 | 3 | |
කළුතර දකුණ– මීගමුව | 5 | 2 | 5 | 3 | |
EMU සේවා වල අනු එකතුව | 17 | 10 | 20 | 12 | |
කොළඹ කොටුව - රාගම අතර සාමාන්‍ය මෙහෙයුම් පරතරය | මිනිත්තු 3.5 | මිනිත්තු 6 | මිනිත්තු 3 | මිනිත්තු 5 | |
DMU සේවාවන් | රඹුක්කන – කොළඹ කොටුව | 2 | 1 | 2 | 1 |
මීගමුව – කොළඹ කොටුව | 1 | 1 | 1 | 1 | |
කළුතර දකුණ – මරදාන | 2 | 1 | 2 | 1 | |
DMU සේවා වල අනු එකතුව | 5 | 3 | 5 | 3 | |
කොළඹ කොටුව - රාගම අතර සාමාන්‍ය මෙහෙයුම් මාර්ගය | මිනිත්තු 20 | මිනිත්තු 30 | මිනිත්තු 20 | මිනිත්තු 30 |
දුම්රිය මාර්ග අතර දුම්රිය උපයෝගීතා සහ ලුප් මෙහෙයුම් සහිත දුම්රිය මෙහෙයුම් සැලැස්ම:
ප්‍රධාන මාර්ගය, වෙරළබඩ මාර්ගය සහ පුත්තලම මාර්ගය සඳහා සෘජු ගමන් සේවා සමඟ 2035 වසර වන විට උදෑසන මගීන් වැඩි කාලය සඳහා පහත රූපයේ දැක්වෙන පරිදි දුම්රිය සේවා සැලසුම් කර ඇත. සවස් කාලයේ මගීන් වැඩි වේලාවන් සඳහා දුම්රිය සේවා උදෑසන මගීන් වැඩි කාලයට සමාන වේ.